/ Apr 20, 2025

තැපැල් ඡන්දයට දින නියම වෙයි

පළාත් පාලන ආයතන ඡන්ද විමසීමේ තැපැල් ඡන්දය සලකුණු කිරීමේ දින නියම කර තිබේ.

මෙවර පළාත් පාලන ඡන්ද විමසීමේ තැපැල් ඡන්ද සලකුණු කිරීම එළඹෙන 22, 23 සහ 24 යන දින තුනෙහි පැවැත්වීමට නියමිත බව මැතිවරණ කොමිසම පවසයි.

එම දිනවල ඡන්දය සලකුණු කිරීමට නොහැකි වන පුද්ගලයින්ට 28 සහ 29 යන දිනයන් වෙන් කර ඇති බවත් එම කොමිසමේ සභාපති ආර්. එම්.ඒ. එල් රත්නායක කියා සිටියේ ය.

ඒ අනුව පළාත් පාලන ආයතන 339 හි තැපැල් ඡන්ද පත්‍රිකා නිකුත් කිරීම අප්‍රේල් මස 7 වන දින එක් එක් දිස්ත්‍රික් ලේකම් කාර්යාවල දී සිදුකරන බව මැතිවරණ කොමිසම වැඩිදුරටත් දැනුම් දී ඇත.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top