/ Oct 19, 2025

පරිපූරක වෛද්‍ය සේවා වැඩවර්ජනයක් ඇරඹේ!

Health strike continues

බස්නාහිර පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරියගේ අත්තනෝමතික ක්‍රියාකලාපයන්ට එරෙහිව බස්නාහිර පළාත් සභාවට අයත් සියලු රෝහල්වල පරිපූරක වෛද්‍ය සේවා වෘත්තිකයින් අද (21) දිනයේ සිට අඛණ්ඩ වර්ජන ක්‍රියාමාර්ගයක නිරත වීමට තීරණය කර තිබේ.

ඒ අනුව අද උදෑසන 8.00 සිට මෙම වැඩ වර්ජනය ආරම්භ කරන බව පරිපූරක වෛද්‍ය වෘත්තීයවේදීන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් චානක ධර්මවික්‍රම පවසයි.

අදාළ අධ්‍යක්ෂවරියගේ ක්‍රියාකලාපයන්ට විරෝධය පළ කරමින් ඊයේ (20) දිනයේ ගම්පහ දිස්ත්‍රික් මහ රෝහලේ පරිපූරක වෛද්‍ය සේවා වෘත්තිකයින් සංකේත වැඩවර්ජනයක් ආරම්භ කරනු ලැබීය.

කෙසේ වෙතත් අද (21) සිට බස්නාහිර පළාතට අයත් රෝහල් 31ක මෙම වැඩවර්ජනය ක්‍රියාත්මක වේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top