දීර්ඝ කලකට පසු ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලයට බදවාගත් කොන්දොස්තරවරියන් සඳහා පත්වීම් ලබාදීමේ උත්සවය අද (06) දින මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයේ දී පැවැත්විය.
ජනමාධ්‍ය නියෝජ්‍ය ඇමතිනී කෞශල්‍යා ආරියරත්නගේ ප්‍රධානත්වයෙන් මෙම උත්සවය පැවති අතර පාර්ලිමේන්තු මන්ත්‍රීනී සමන්මලී ගුණසිංහ, ශ්‍රී ලංගම සභාපති සජීව කනගරත්න, රංගනශිල්පිනී චමිලා පීරිස් ඇතුලු පිරිසක් සහභාගි වී සිටියහ.
බදවාගත් කොන්දොස්තරවරියන් මහරගම කඩවත බස් මාර්ගයේ අධිවේගී බස්වල රාජකාරි කිරීමට නියමිතයි.








