/ Jun 25, 2025

මෙරට සාමාන්‍ය අධ්‍යාපනයේ නව පරිවර්තනයක්; චීනයත් අතදෙයි

මෙරට පාසල් 500ක් වෙනුවෙන් චීනය අතදෙයි ; අධ්‍යාපනයේ ඩිජිටල් පරිවර්තනයක්

ශ්‍රී ලංකාවේ සාමාන්‍ය අධ්‍යාපනය ඩිජිටල් පරිවර්තනයට ලක් කිරීමට අදාළ ව්‍යාපෘතිය සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.

එම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා ඇමෙරිකා ඩොලර් මිලියන 20ක අරමුදල් සලසාදීමට මහජන චීන සමූහාණ්ඩුව එකඟතාව පළ කර තිබේ.

ජනාධිපතිවරයා පසුගිය ජනවාරි මාසයේ චීනයේ සිදු කරන ලද නිල සංචාරය අතරතුර එම ව්‍යාපෘතිය කඩිනමින් ක්‍රියාත්මක කිරීම සඳහා දෙපාර්ශ්වය අතර එකඟතාවකට එළඹ ඇති බව සඳහන්.

ඒ අනුව, එම ව්‍යාපෘතිය යටතේ තෝරාගත් පාසල් 500ක් සහ ආදර්ශ සුහුරු පන්ති කාමරයක් සඳහා අවශ්‍ය වන උපාංග යෝජිත ව්‍යාපෘතිය මඟින් ලබා දීමටත්, එම ව්‍යාපෘතිය යටතේ වන ජාල මෙහෙයුම් කළමනාකරණ ඒකකය, වැඩසටහන් මෙහෙයුම් මැදිරිය සහ සම්මන්ත්‍රණ කාමරය ඉසුරුපාය පරිශ්‍රයේ ස්ථාපිත කිරීමටත් කැබිනට් ඇනුමැතිය ලැබී ඇත.

අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය වශයෙන් අග්‍රාමාත්‍යවරිය විසින් එම යෝජනාව අමාත්‍ය මණ්ඩලය වෙත යොමු කර තිබුණි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top