සංචාරක කේෂ්ත්‍රයේ නිරත පිරිස වෙනුවෙන් දායක විශ්‍රාම වැටුප් ක්‍රමවේදයක් 2025 වසර ඇතුළත හඳුන්වාදීමට නියමිත බව සංචාරක නියෝජ්‍ය අමාත්‍ය රුවන් චමින්ද රණසිංහ පැවසීය.
අද (05) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් සමාජ සුබසාධන වැඩසටහනක් ද සංචාරක කේෂ්ත්‍රයේ නිරත පිරිස වෙනුවෙන් පැවැත්වීමට නියමිත බවයි ඇමතිවරයා කියා සිටියේ.
එමෙන්ම සංචාරක කේෂ්ත්‍රයේ අනාගතය වෙනුවෙන් සංචාරක ආකර්ෂණ 100ක් මේ වනවිට හඳුනාගනිමින් සිටින බවත් එක් ආකර්ෂණයක් සඳහා රු මිලියන 10 බැගින් වෙන්කර එහි මුලික පහසුකම් සංවර්ධනය කිරීමට බලාපොරොත්තු වන බවත් සඳහන් කරයි.
මේ අතර සංචාරකයින් වෙනුවෙන් Rest Centers ඉදිකිරීමට ද රජය මේ වනවිට තීරණය කර තිබේ.