/ Mar 24, 2026

ඩීසල් ලීටර 1820ක් සමඟ පුද්ගලයෙක් අත්අඩංගුවට!

බලපත්‍ර නොමැතිව ඩීසල් ලීටර් 1,820ක් සන්තකයේ තබා ගැනීම සහ විකිණීම සම්බන්ධයෙන් සැකකරුවෙකු සේරුනුවර ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.

කන්තලේ කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශයේ නිලධාරින් කණ්ඩායමකට ලද තොරතුරක් මත මෙම වැටලීම සිදු කර ඇති අතර අත්අඩංගුවට ගෙන ඇත්තේ වයස අවුරුදු 41ක් වන සේරුනුවර ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

සේරුනුවර පොලිසිය විසින් සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරයි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top