/ Dec 29, 2025

ප්‍රශ්නගත ඖෂධය ගැන ඉන්දීය සමාගමෙන් ඉල්ලීමක්!

ප්‍රශ්නගත ඔන්ඩැන්සෙට්‍රෝන් ඖෂධ ජාත්‍යන්තර මට්ටමේ රසායනාගාරයකින් පරීක්ෂා කරන ලෙස “මාන් ෆාමසියුටිකල්ස්” නැමැති ඉන්දීය සමාගම මෙරට සෞඛ්‍ය බලධාරීන් වෙත ලිඛිත දැනුම් දීමක් කර තිබේ.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා, ජාතික ඖෂධ නියාමන අධිකාරිය, ජාතික ඖෂධ නීතිගත සංස්ථාව හා වෛද්‍ය සැපයුම් අංශය වෙත අදාළ දැනුවත් කිරීම සිදුකර තිබේ.

ඒ සඳහා යන වියදම් දැරීමට සිය සමාගම සූදානම් බවද ඔවුන් දන්වා ඇත.

ප්‍රශ්නගත ‘ඔන්ඩැන්සෙට්‍රෝන්’ ඇතුළු එන්නත් වර්ග 10ක් මෙරට භාවිතය තාවකාලිකව අත්හිටුවා තිබෙන අතර ඒවායෙහි තත්ත්ව පරීක්ෂාවක් සිදුකරමින් තිබෙන බවයි ජාතික ඖෂධ නියාමන අධිකාරියේ සභාපති විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතා පැවසුවේ.

ඖෂධය සම්බන්ධයෙන් පරීක්ෂණ සිදුකෙරෙමින් තිබෙන පසුබිමක ප්‍රශ්නගත ‘ඔන්ඩැන්සෙට්‍රෝන්’ ඖෂධය සම්බන්ධයෙන් විකෘති කරන ලද තොරතුරු මාධ්‍ය හරහා ප්‍රචාරය කරමින් තිබෙන බවද විජේවික්‍රම මහතා පවසා තිබුණි.

සබැඳි පුවත්

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top