/ Mar 25, 2026

බලශක්ති ඇමතිගෙන් ඉල්ලීමක්!

සවස 6ත් රාත්‍රී 10ත් අතර කාලයේදී විදුලිය ඉතාමත් අරපිරිමැස්මෙන් භාවිත කිරීමට පියවර ගන්නා ලෙස බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි ජනතාවගෙන් ඉල්ලා සිටියි.

“පුළුවන් තරම් එක බල්බ් එකක් හරි ඕෆ් කරලා, පුළුවන් තරම් සපෝට් එකක් දෙන්න. ඒ වෙලාව තමා තෙල්වලින් දුවන්නේ. දවල්ට ගැටලුවක් නෑ. රෑට පුළුවන් තරම් පුරවැසියෝ විදියටත් අපි ඒ සපෝට් එක දෙනවා. මොකද ඒ බර එන්නේ අන්තිමට අපිට, ජනතාවටම තමා. අපේ රජයේ අරමුණ තියෙන්නේ, ජනතාවට කරදරයක් නොවෙන්න එදිනෙදා කටයුතු කරගෙන යන්න පුළුවන් විදියට විදුලි බලය ද, ඛනිජ තෙල් ද ලබාදෙන්න ඕනකම තියෙනවා. මං හිතනවා අපි කලාපය හැටියට ගත්තත් බොහෝම හොඳින් කරගෙන යනවා. ඉදිරියටත් අපි ඒක කරන්න ඔ්නේ. ඒකට අපි තෙල් මිලදී ගැනීම් ඒවා හැමදේම කරනවා. වගකීමෙන් කියනවා ආණ්ඩුව හැටියට මේකෙන් කිසිම ජනතාවට, හුඟාක් අය යෝජනා කරනවා විදුලිය කප්පාදුවක් කරන්න කියලා. අපිට එතැනට යන්න අදහසක් නෑ. අපි කොහොම හරි විදුලිය කපන්න අදහස් නෑ. අපිට සියලු පරිභෝජනයන්ට මැයි වෙනකල් තෙල් තියෙනවා. ඒ නිසා කිසිම කලබලයක් වෙන්න එපා.” යනුවෙන් අමාත්‍යවරයා වැඩිදුරටත් කියාසිටියි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top