/ Oct 22, 2026

ඉදිරි කාලගුණය ගැන විශේෂ නිවේදනයක්!

හෙට (23) දිනය වනවිට ගිනිකොණ දිග සහ ඊට යාබද නැගෙනහිර – මධ්‍යම බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව අඩුපීඩන කලාපයක් නිර්මාණය වීමට ඉඩ ඇති බව නිවේදනයක් නිකුත් කරමින් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

එය බටහිර දෙසට බරව වයඹ දෙසට ගමන් කරමින් තවදුරටත් වර්ධනය වීමේ හැකියාවක් පවතින බවයි එම නිවේදනයේ දැක්වෙන්නේ.

අද (22) දිනයේ දත්ත මත පදනම්ව ඉදිරි පැය 168 තුළ එය පීඩන අවපාතයක් දක්වා වර්ධනය වීමේ සම්භාවිතාව ද සඳහන් කරමින් ඉදිරි කාලගුණය පිළිබඳව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ ස්වභාවික විපත් පිළිබඳව පූර්ව අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය විසින් අද පස්වරු 05.00 ට එම නිවේදනය නිකුත් කර තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top