/ Mar 24, 2026

ඇමති විජිත සහ ඉන්දීය විදේශ කටයුතු ඇමති ජයශංකර් අතර විශේෂ සාකච්ජාවක්!

ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය එස්. ජයිශංකර් සහ විදේශ අමාත්‍ය විජිත හේරත් අතර විශේෂ සාකච්ඡාවක් පවත්වා තිබේ.

එහිදී මැදපෙරදිග කලාපයේ පවතින ගැටුම් සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා කර ඇති බව ඉන්දීය විදේශ අමාත්‍ය එස්. ජයිශංකර් සඳහන් කරයි.

සිය X ගිණුමේ සටහනක් තබමින් ඉන්දීය විදේශ අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ, පවතින තත්ත්වය පිළිබඳ ඉන්දියාවේ ස්ථාවරය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා විදේශ අමාත්‍යවරයා දැනුම්වත් කළ බවයි.

අදාළ සාකච්ඡාව ඉතා සාර්ථක සාකච්ඡාවක් වූ බව ද ඉන්දීය විදේශ අමාත්‍යවරයා ප්‍රකාශ කරයි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top