/ Mar 25, 2026

මැදපෙරදිග අර්බුදය මැද ජනපති අනුර හා ඉන්දීය අගමැති මෝදී අතර විශේෂ සාකච්ජාවක්!

මැද පෙරදිග වර්ධනය වෙමින් පවතින යුදමය තත්ත්වය පිළිබඳව ජනාධිපති අනුර කුමාර දිසානායක සහ ඉන්දිය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි අතර ඊයේ පස්වරුවේ (24) දුරකථන සංවාදයක නිරත වී තිබේ.

ඉන්දීය අගමැතිවරයා සිය X ගිණුමේ සටහනක් තබමින් ඒ පවා පවසා ඇත.

වර්ධනය වන තත්ත්වයන් කලාපීය මෙන්ම ගෝලීය සැපයුම් ජාලවලට සිදු කරන අහිතකර බලපෑම් පිළිබඳව එහිදී දෙරටේ නායකයින්ගේ දැඩි අවධානය යොමු කර ඇත.

දෙරට අතර බලශක්ති සහයෝගිතාව පිළිබඳව සහ කලාපීය ආරක්ෂාව පිළිබඳවද අවධානය යොමුකර තිබේ.

අසල්වැසි සහ විශ්වාසනීය හවුල්කරුවන් ලෙස ඉන්දියාව සහ ශ්‍රී ලංකාව, පොදු අභියෝගවලට මුහුණ දීමට එකමුතුවෙන් කටයුතු කිරීමට තම කැපවීම යළි තහවුරු කළ බවද ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා සිය X ගිණුමේ වැඩිදුරටත් සඳහන් කර තිබේ.

මෙම සාකච්ජාවට පෙර ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය එස්. ජයිශංකර් සහ විදේශ අමාත්‍ය විජිත හේරත් අතරද විශේෂ සාකච්ඡාවක් පවත්වා තිබුණි.

.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top