/ Mar 25, 2025

යුද්ධ හමුදා සාමාජිකයින්ට විශේෂ නියෝගයක්

මේජර් තනතුරින් පහළ සියලු යුද්ධ හමුදා සෙබළුන්ගේ විදෙස් ගමන් බලපත්‍ර අදාළ රෙජිමේන්තු වෙත භාරදීමට පියවර ගන්නා ලෙස යුද හමුදා මූලස්ථානය මගින් දැනුම් දීමක් සිදුකර ඇත.

පරිපාලන කටයුත්තකට අදාළව මෙම පියවර ගෙන ඇති බවයි යුද්ධ හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් වරුණ ගමගේ සඳහන් කළේ.

කෙසේවෙතත් පෞද්ගලික අවශ්‍යතා සඳහා අදාළ අංශ දැනුවත් කර විදෙස් ගමන් බලපත්‍රය නැවත ලබාගැනීමේ හැකියාව පවතින බව සඳහන්.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top