මාලිමාවේ පච දේශපාලනය නිසා බහුතරයකට ආණ්ඩුව එපා වී ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසයි.
මේ ආණ්ඩුව මැතිවරණ වේදිකාවේ මන්තරය වගේ බොරුව ජප කළ බවත් දැනුත් පච කියමින් නැවත වරක් ජනතාව රැවටීමට කටයුතු කරන බවත් ඔහු අවධාරණය කළේය.
විපක්ෂ නායකවරයා මෙම අදහස් පළ කළේ ඉදිරි පළාත් පාලන මැතිවරණයේ ජය තහවුරු කිරීම සඳහා මින්නේරිය, ඇලහර ප්‍රදේශයේ පැවති ජන රැලියකට එක්වෙමින්.
එහි දී වැඩිදුරටත් අදහස් දැක්වූ විපක්ෂ නායකවරයා මෙසේ ද කීය,
“රටේ ජනතාව බලාපොරොත්තු රැසක් මැද මේ ආණ්ඩුව පත්කර ගත්තේ. නමුත් මේ වෙද්දි මාලිමා ආණ්ඩුව කියපු දේ නොකරන, ජනතාව රවටන, ජනතාව අන්දන, බොරුකාර ආණ්ඩුවක් බවට වාර්තාවක් තියලා තියෙන්නේ.
බඩු මිල අඩු කරන පොරොන්දුව කඩ කරා. ඒ නිසා හාල්, කිරිපිටි අතුළු අත්‍යාවශ්‍ය ආහාර පානවල මිල ඉහළ ගිහින්. මැතිවරණ වේදිකාවේ මන්තරේ වගේ බොරුව ජප කළා. දැනුත් පච කියමින් නැවත වරක් ජනතාව රැවටීමට මේ ආණ්ඩුව කටයුතු කරනවා”