අදානි සමාගම සමඟ ඇති කරගත් පුනර්ජනනීය ව්‍යාපෘතිය සඳහා එම සමසාගමට වඩා අඩු මුදලකට විදුලිය සම්පාදනය කළ හැකි වෙනත් සමාගමක් කැමැත්ත පළ කළ බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස පවසයි.
අදානි පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘතිය මගින් විදුලි ඒකකයක් වෙනුවෙන් ඉල්ලා ඇති මුදල වැඩි අගයක් ගැනීම එම කටයුතු අවසන් වීමට හේතු වූ බවයි ඔහු සඳහන් කර සිටියේ.
කෙසේ වෙතත් ඉන්දියාවේ අදානි සමඟ ඇති කරගත් පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘතියේ කටයුතු මේ වන විට සම්පූර්ණයෙන්ම අවසන්වී ඇති බවද අමාත්‍යවරයා සඳහන් කළේය.