/ Oct 19, 2025

අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍යංශයේ අතිරේක ලේකම්වරිය අත්අඩංගුවට!

අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍යංශයේ වර්තමාන අතිරේක ලේකම්වරියව අද (08) පෙරවරුවේ අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ විමර්ශන නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබීය.

රාජපක්ෂ පතිරගේ සේපාලිකා සමන් කුමාරි නම් ඇය කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

මීට පෙර හානිපූර්ණ කාර්යාලයේ වැඩබලන අධ්‍යක්ෂ ජනරාල්වරිය ලෙස කටයුතු කර ඇති සැකකාරිය එම කාලයේ  දූෂණය හා පොදු දේපොළ පනත යටතේ සාපරාධී සාවද්‍ය පරිහරණය කිරීමට ආධාර අනුබල දීම යන චෝදනා මත අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ විමර්ශන නිලධාරීන් අත්අඩංගුවට ගන්න ලදී.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top