/ Jun 25, 2025

මෝදි විවෘත කළ කෘෂි ගබඩාව වැඩ නෑ: චෝදනාවක්!

agricultural warehouse opened by Modi

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ මෙරට සංචාරයේදී පසුගිය දා විවෘත කෙරුණු උෂ්ණත්වය සහ ආර්ද්‍රතාවය පාලනය කෙරෙන කෘෂි ගබඩාව මේ වන විට ක්‍රියාත්මක තත්වයේ නොමැති බවට සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා පවසයි.

ඊයේ (15) දිනයේ එම පරිශ්‍රයේ නිරීක්ෂණ චාරිකාවකට එක් වූ මන්ත්‍රීවරයා චෝදනා කළේ, වත්මන් රජය ජනතාව රැවටීමකට ලක් කළ බව කියමිනුයි.

උෂ්ණත්වය සහ ආර්ද්‍රතාව පාලනය කළ හැකි පරිදි මෙට්‍රික් ටොන් 5000ක ධාරිතාවක් සහිතව ඉදිකළ දඹුල්ල කෘෂි ගබඩා සංකීර්ණයෙහි ඉදිකිරීම් ආරම්භ වූයේ ඉකුත් 2019 වසරේ පැවති යහපාලන ආණ්ඩු සමයේ, හර්ෂ ද සිල්වා ආර්ථික ප්‍රතිසංස්කරණ සහ පොදු සැපයීම් අමාත්‍යධුරය දරමින් සිටියදීය.

මෙම සංකීර්ණය අගමැති මෝදිගේ සංචාර දිනවල ආණ්ඩුව විසින් උත්සවශ්‍රීයෙන් විවෘත කළ අතර හර්ෂ දි සිල්වා මන්ත්‍රීවරයා ඊයේ චාරිකාවේදී මේ ගැන සජීවී වීඩියෝවක් නිකුත් කර තිබුණි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top