මුහුදේ අනතුරට පත් ධීවර යාත්‍රා දෙකේ අතුරුදන්ව සිටින ධීවරයින් මුදාගැනීමට බෙල් 412 හෙළිකොප්ටර් යානයක් සහ වයි 12 ගුවන් යානාවක් යෙදවීමට ගුවන් හමුදාව කටයුතු කර තිබේ.
ඒ, ආරක්ෂක ලේකම්වරයාගේ උපදෙස් මතයි.
ධීවර කටයුතු සඳහා දෙවුන්දර ධීවර වරායෙන් පිටත්වූ යාත්‍රාවක් සහ මොරගල්ල ප්‍රදේශයෙන් මුහුදු ගිය ධීවර යාත්‍රාවක් මෙලෙස අනතුරට ලක්වී තිබූ අතර එහි දී ධීවරයින් 6 දෙනෙකු අතුරුදන්ව තිබුණි.
දෙවුන්දර ධීවර වරායෙන් ඊයේ (27) සවස පිටත්ව ගිය යාත්‍රාවේ ධීවරයන් 5 දෙනෙකු සිට ඇති අතර එම යාත්‍රාව වාණිජ නෞකාවක ගැටී අනතුරට ලක්ව තිබේ.
එම අනතුරින් එක් ධීවරයෙකු මුදාගෙන ගොඩබිමට රැගෙන විත් ඇති අතර අනෙකුත් ධීවරයින් සිව්දෙනා අතුරුදන්ව ඇතැයි වාර්තා වෙයි.
මේ අතර කළුතර දිස්ත්‍රික්කයේ බේරුවල මොරගල්ල ප්‍රදේශයේදී ධීවර කටයුතු සඳහා මුහුදු ගිය ධීවර යාත්‍රාවක් පෙරලී එහි ගමන්ගත් ධීවරයින් දෙදෙනකු අතුරුදන්වී තිබුණි.
මෙසේ අතුරුදන්ව ඇත්තේ ධනුෂා මැරීන් නම් කුඩා ධීවර බෝට්ටුවේ ගමන්කළ අලුත්ගම ප්‍රදේශයේ පදිංචිව සිටින නඳුන් කුමාර සහ ඔහුගේ සහෝදරයා වන දුමින්ද නඳුන් කුමාර බව වාර්තා වෙයි.