බිංගිරිය වයඹ ජාතික අධ්‍යාපන විද්‍යාපීඨයේ දෙවැනි වසරේ ඉගෙනුම ලැබූ සංජීවනී කුමාරි නම් ශිෂ්‍යාව දිවි නසාගැනීම සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යංශය විමර්ශනයක් ආරම්භ කර ඇතැයි වාර්තා වේ.
සිසුවිය දිවි නසාගෙන සතියකට ආසන්න කාලයක් ගතව ඇති අතර ඇයගේ මරණයට හේතු සොයා සාධාරණයක් ඉෂ්ඨ කරන්නැයි කියමින් වයඹ විද්‍යාපීඨයේ සිසු-සිසුවියන් උද්ඝෝෂණයක්ද සිදු කරනු ලැබීය.
වයඹ විද්‍යාපීඨයේ සේවය කරනු ලබන එක්තරා ගුරුවරයෙකු සිසුවියගේ මරණයට හේතු වූ බව ඍජුව පවසමින් සමහර ප්‍රකාශ නිකුත් කර තිබෙනු දක්නට ලැබිණ.
මේ සම්බන්ධයෙන් මාධ්‍ය සහ සමාජ මාධ්‍ය විසින් කරුණු මතු කර තිබූ අතර බොහෝ දෙනා මේ සම්බන්ධයෙන් සාධාරණ විමර්ශනයක් ඉල්ලා තිබුණි.