/ Mar 15, 2025

පාතාලයේ මහ කෙරුමෙකු උසාවියේදීම වෙඩි තබා මරයි

කොළඹ මහාධිකරණය අසලදී අද (19) උදෑසන සිදු කළ වෙඩි තැබීමකින් සංවිධානාත්මක අපරාධකරුවෙකු ලෙස සැලකනෙ ගණේමුල්ල සංජීව වෙඩි තබා මරා දමා ඇතැයි වාර්තා වේ.

සංජීවගේ අනුදැනුම මත මිනීමැරුම් 16ක් පමණ සිදුවී ඇතැයි පැවසේ. එසේ ම සංජීව යනු රතු වරෙන්තු සහිත අපරාධකරුවෙකු ලෙසද සැලකේ. මොහු එල්.ටී.ටී.ඊ. සංවිධානයේ පිරිස් ද යොදාගෙන සිය අපරාධ සිදු කළ බව කියැවේ.

මාකිලංගමුවේ සංජීව ලෙසද හඳුන්වන මිය ගිය අය කොල්ලකෑම් ගණනාවකට ද සම්බන්ධ බව සඳහන් වෙයි. කීර විකිණූ මහළු මවක් සහ බිස්කට් වෑන් රථයක් කොල්ල කා 2009 පමණ ආරම්භ කළ අපරාධ ගමන මෙලෙස අවසන් වූ බව තතු දත් අය කියා සිටිති.

ගම්පහ පස් ජාවාරමේ ද ප්‍රධානියෙකු ලෙස මෙම සංජීව නමැත්තා සැලකේ. එල්.ටී.ටී.ඊ. සාමාජිකයන් යොදාගෙන අපරාධ සිදුකිරීම සම්බන්ධයෙන් බුද්ධි අංශ පරීක්ෂණ ක්‍රියාත්මක වූ බවද දැනගන්නට ඇත.

කෙසේ වෙතත් අවස්ථා කිහිපයකදී සංජීව ඝාතනයට උත්සාහ ගැනුණු අතර වාර්තා වන පරිදි මෙවර උත්සාහය සාර්ථක වී ඇත.

පොලිස් විමර්ශන ක්‍රියාත්මකයි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top