/ Jun 17, 2026

ගෝඨාගේ පෙත්සම සලකා බැලීම හෙටට කල් යයි!

පාස්කු ඉරු දින ත්‍රස්ත ප්‍රහාර සිද්ධිය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට අදාළව තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් ඉදිරිපත් කළ පෙත්සම සලකාබැලීම සඳහා හෙට (18) දින කැඳවන ලෙස අභියාචනාධිකරණය නියෝග කළේය.

මෙම පෙත්සම අද අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු රොහාන්ත අබේසූරිය සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබීය.

එහිදී සභාපති විනිසුරුවරයා නියෝග කළේ මෙම පෙත්සම කරුණු තහවුරු කිරීම සඳහා හෙට දින කැඳවන බවයි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top