/ Mar 12, 2025

අලුත්කඩේ ඝාතකයා සිදු කළ තවත් අපරාධයක් හෙළි වෙයි

ganemulla sanjeewa

සංජීව කුමාර සමරරත්න නොහොත් ගණේමුල්ල සංජීවගේ ඝාතකයා විසින් සිදුකළ තවත් අපරාධයක් පොලීසිය විසින් අනාවරණය කරගෙන ඇත.

මෙම සැකකරු 2024.12.13 වන දින කඳාන පොලිස් වසමේ වීදී මාවත ප්‍රදේශයේ පිහිටි නිවසකට ටී 56 වර්ගයේ ගිනිඅවියකින් වෙඩි තබා පළා යාමේ සිද්ධියට සම්බන්ධ වෙඩික්කරු බවටයි අනාවරණය වී ඇත්තේ.

මෙයද විදෙස්ගතව සිටින සංවිධානාත්මක අපරාධකරුවෙකුගේ මෙහෙයවීම මත සිදුකර ඇති බවයි සඳහන් වන්නේ.

කොළඹ අපරාධ කොට්ඨාසය මේ පිළිබඳ වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top