අභියාචනාධිකරණ සහ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ යෝජනාව ඇත-ුළත් විසි දෙවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතට නීතිපතිවරයාගේ අනුමැතිය හිමිව තිබේ.
පනත් කෙටුම්පත සදහා නීතිපති අනුමැතිය හිමිව ඇති බැවින්, ඊළග පියවර යටතේ අදාල පනත් කෙටුම්පත රජයේ ගැසට් පත්‍රයේ පළ කෙරෙන අතර පනත් කෙටුම්පත් ගැසට් පත්‍රයේ පළ කර සතියක් ගිය පසු එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යුතු වෙයි.






