/ Oct 19, 2025

බැකෝ සමන්ලාගේ ගිණුම් තහනම්!

සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයන් පිරිසක් ලෙසින් පසුගිය දා ඉන්දුනීසියාවේදී අත්අඩංගුවට ගත් බැකෝ සමන් නමැත්තාගේ බිරිඳ සහ ඥාතීන්ගේ බැංකු ගිණුම් 13ක් අවහිර කර දැමීමට කටයුතු කර තිබේ.

මේ බව අද (09) දින අධිකරණයට නීතිපති දෙපාර්තමේන්තුව විසින් දන්වා සිටියේය. මෙම කාන්තාව 2020 වසරේ පටන් මත් ජාවාරමේ නිරතව සිට ඇති බව අනාවරණය වී ඇති බවත්, එම ගිණුම්වලින් නිරන්තර මුදල් හුවමාරුවක් සිදුව ඇති බවත් එහිදී ප්‍රකාශ විය.

මේ සම්බන්ධ වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස පැවසූ අධිකරණය ලබන 23 වැනි දින දක්වා සැකකාරිය රක්ෂිත බන්ධනාගාරගත කරනු ලැබීය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top