/ Mar 13, 2025

නීතිපති වෙනුවෙන් නීතිඥ සංගමය ඉදිරියට එයි

නීතිපති පාරින්ද රණසිංහගේ තීරණය සමාලෝචනය කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නීතිඥ සංගමය (BASL) ජනාධිපතිරයා වෙත ලිපියක් ඉදිරිපත් කර තිබේ.

නීතිඥ සංගමයේ සභාපති ජනාධිපති නීතිඥ අනුර බී. මැද්දෙගොඩ සහ ලේකම් චතුර ඒ. ගල්හේනගේ අත්සනින් යුතුව ජනාධිපතිවරයා වෙත මෙම ලිපිය යොමුකර ඇත.

ලසන්ත වික්‍රමතුංග මහතාගේ ඝාතනයට අදාළව ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයේ අංක B 92/2009 දරන නඩුවේ සැකකරුවන් තිදෙනෙකු නිදහස් කිරීම සම්බන්ධයෙන් නීතිපතිවරයාගේ තීරණයක් සමාලෝචනය කිරීමට අමාත්‍ය මණ්ඩලය සලකා බලනු ඇති බවට ජනමාධ්‍ය වාර්තා පිළිබඳව නීතිඥ සංගමය දැඩි අවධානය යොමුකර තිබේ.

නීතිපතිවරයා මහජන ක්‍රියාකාරිකයකු වන බැවින් ඔහුගේ තීරණ සම්බන්ධයෙන් මහජනතාවට වගකිව යුතු වුවද, අපරාධ කටයුතු සම්බන්ධයෙන් නීතිපතිවරයා අර්ධ අධිකරණමය කාර්යභාරයක් ඉටුකරන බව සැළකිල්ලට ගත යුතු බවයි එම ලිපියෙන් වැඩිදුරටත් දක්වා ඇත්තේ.

නීතිපතිවරයාගේ බලතල ක්‍රියාත්මක කිරීමේදී අනවශ්‍ය ඇඟිලි ගැසීම් සිදුනොවන බව සහතික කරන ලෙස ඉල්ලා සිටින අතර, නීතිපති කාර්යාලය ඇතුළු ප්‍රධාන ආයතනවල ස්වාධීනත්වය ජනාධිපතිවරයා විසින් දිගටම ආරක්ෂා කරනු ඇතැයි තමන් විශ්වාස කරන බවත් නීතිඥ සංගමය සඳහන් කරයි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top