/ Jan 23, 2026

තවත් බෝට්ටුවක් මහ මුහුදේ දී පෙරළෙයි; අයියා – මලෝ අතුරුදන්

කළුතර, බේරුවල, මොරගල්ල ප්‍රදේශයේ දී ධීවර කටයුතු සදහා මුහුදු ගිය ධීවර යාත්‍රාවක් පෙරලී එහි ගමන්ගත් ධීවරයින් දෙදෙනකු අතුරුදන්ව ඇති බව පොලිසිය පවසයි.

මෙසේ අතුරුදන්ව ඇත්තේ ධනුෂා මැරීන් නමැති කුඩා ධීවර බෝට්ටුවේ ගමන් කළ අළුත්ගම ප්‍රදේශයේ පදිංචිව සිටි නදුන් කුමාර සහ ඔහුගේ සහෝදරයා වන දුමින්ද නදුන් කුමාර යන අයයි.

අනතුරට පත් බෝට්ටුව මේ වන විට වෙරළට රැගෙන විත් ඇති බවත් වාර්තා වේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top