/ Apr 20, 2025

පෙට්‍රල් බෝම්බයකට බිලි වූ පුංචි පුතු

පෙට්‍රල් බෝම්බ ප්‍රහාරයකින් පිළිස්සුම් තුවාල ලැබූ වයස අවුරුදු 6ක පිරිමි දරුවකු මියගොස් තිබේ.

පෙරේදා (29) රාත්‍රී 10ට පමණ යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු කළුතර ගමගොඩපාර, රජවත්ත ප්‍රදේශයේ නිවසකට එල්ල කළ මෙම ප්‍රහාරයෙන් එම දරුවා සහ නිවසේ සිටි වයස අවුරුදු 28ක් පමණ වන කාන්තාවක් තුවාල ලබා ඇත.

ඔවුන් දෙදෙනා කඩිනමින් කළුතර ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇති අතර එහිදී බරපතළ තුවාල සහිතව සිටි දරුවා කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහල වෙත මාරුකර යවා තිබේ.

එහි ප්‍රතිකාර ලබමින් සිටියදී ඊයේ (30) සවස එම දරුවා මියගොස් ඇත.

මියගිය දරුවාගේ මව විදේශගතව සිටින අතර, ඒ හේතුවෙන් දරුවාගේ පියා රැකියා කටයුතු නිමකර යළි පැමිණෙන තෙක් එම දරුවාව රැකබලාගන්නේ පෙට්‍රල් බෝම්බ ප්‍රහාරයක එල්ල වූ නිවසේ සිටි කාන්තාව විසින් බව වාර්තා වේ.

ඔවුන් දෙදෙනා නිවසේ සාලයේ රූපවාහිනිය නරඹමින් සිටි අවස්ථාවේ දී අවාසනාවන්ත ලෙස පෙට්‍රල් බෝම්බ ප්‍රහාරයට ලක්ව ඇතැයි පොලිසිය පවසයි.

තුවාල ලැබූ එම කාන්තාව ද මේ වනවිට කළුතර ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියි.

සිද්ධිය සම්බන්ධයෙන් කළුතර දකුණ පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top