/ Jun 23, 2025

BREAKING –  අක්මීමන වෙඩි!

අද (23) අලුයම යතුරු පැදියකින් පැමිණි දෙදෙනෙකු මිලිමීටර් 9 වර්ගයේ ගිනිඅවියකින්, ගාල්ල, අක්මීමන, වැවේවත්ත නිවසකට වෙඩි තබා පළා ගොස් ඇති බව පොලීසිය පවසයි.

වෙඩි තැබීමෙන් කිසිවකුට තුවාල සිදුව නැත. අදාළ නිවස හිමි පුද්ගලයා මිදිගම ප්‍රදේශයේ කර්මාන්ත ශාලාවක විධායක ශ්‍රේණියේ රැකියාවක නිරත වන අතර ඔහු මීට දින කිහිපයකට පෙර එහි සේවකයෙකුගේ ගැටලුවක් හේතුවෙන් සේවයෙන් ඉවත් කර ඇති අතර උක්ත සේවකයා මෙයට පෙර ඔහුට දුරකතනයෙන් අමතා තර්ජනය කළ බවද හෙළිව ඇත.

පොලිසියේ සැකය ඔහු වෙත එල්ල වී තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top