අම්බලන්ගොඩ නගර සභා පරිශ්‍රයේ උඩුමහලේ අද (04) උදෑසන සිදුවූ වෙඩිතැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා රෝහල් ගත ඇතැයි වාර්තා වේ. අද උදෑසන 10.30ට පමණ මෙම වෙඩිතැබීම සිදුකර ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කරන්නේ.
සුදු පැහැති මෝටර් රථයකින් පැමිණි පිරිසක් විසින් අදාළ වෙඩිතැබීම සිදුකර පලාගොස් ඇති බව සිදුකළ මුලික විමර්ශනවලදී අනාවරණය වී ඇති බව ද ඔහු සඳහන් කළේය.
වෙඩි වැදීමෙන් තුවාල ලැබූ පුද්ගලයා මේ වනවිට බලපිටිය රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටී. ඔහු අපරාධ කල්ලි සාමාජිකයෙකු වන ‘කරන්දෙණිය සුද්දා’ නැමැත්තාගේ ඥාතියෙකු බව ද වාර්තා වේ.




