/ Apr 20, 2025

බිහිසුණු අනතුරක් – 21ක් රෝහලට

නිකවැරටිය සිට කොළඹ බලා ගමන් ගත් ලංගම බස් රථයක් ආරච්චිකට්ටුව, බත්තුළුඔය ප්‍රදේශයේ දී අද(17) උදෑසන 5.15 ට පමණ අනතුරට ලක්ව තිබේ.

බස් රථය මාර්ගයෙන් ඉවතට පැන ගසක ගැටීමෙන් අනතුරුව අසල තිබූ වෙළෙඳසැලක හා නිවසක ගැටී මෙම අනතුරක් සිදුව ඇත.

බස් රථයක ඇතිවූ කාර්මික දෝශයක් ( දුණුකොල කැඩීයෑම ) හේතුවෙන් රියදුරාට පාලනය කරගැනීමට නොහැකිව අනතුර සිදුව ඇති බව පොලිසිය පවසයි.

අනතුරෙන් බස් රථයේ රියදුරු, මගීන් සහ ඒ අසල වෙළදසැලේ සිටි කුඩා දරුවෙකු ඇතුළු 21ක් තුවාල ලබා රෝහල් ගත කර තිබේ.

ආරච්චිකට්ටුව පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරයි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top