/ Mar 23, 2026

බස් ගාස්තු ඉහළට!

අද (23) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි බස් ගාස්තු මිල 12.19%කින් ඉහළ නැංවීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.

ඒ අනුව රුපියල් 27ක්ව පැවති අවම බස් ගාස්තුව රුපියල් 30ක් දක්වා ඉහළ යනු ඇති. අවසන් ගාස්තුව ලෙස පැවති රු 2,159 බස් ගාස්තුව රු 2,422ක් දක්වා රු 263කින් ඉහළ ගොස් තිබේ.

මගීන්ගෙන් නියමිත බස් ගාස්තුව පමණක් අයකරන ලෙස ශ්‍රී ලංගම සහ පෞද්ගලික බස්රථ ධාවකයින් වෙත දැනුම් දී තිබෙන අතර නියමිත ගාස්තුවට වඩා වැඩියෙන් බස් ගාස්තු අයකරන අය සම්බන්ධයෙන් නීත්‍යානුකූල ක්‍රියාමාර්ග ගන්නා බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව පවසයි.

නියමිත බස් ගාස්තුවට වඩා වැඩියෙන් බස් ගාස්තු අයකළහොත් ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ 1955 ක්ෂණික දුරකථන අංකයට හෝ 0712595555 යන වට්ස්ඇප් අංකයට පැමිණිලි ඉදිරිපත් කළ හැකියි.

ඉන්ධන මිල ඉහළයාමත් සමඟ බස් ගාස්තුද 15%කින් ඉහළ නංවන ලෙසයි බස් සංගම් ඊයේ බලධාරීන්ගෙන් ඉල්ලා සිටියේ.

කෙසේවෙතත් ජාතික ගමනාගමන කොමිෂන් සභාව ප්‍රකාශ කළේ, ඉන්ධන මිල ඉහළ යාමෙන් බස් ගාස්තුවට 10% කට වැඩි බලපෑමක් සිදුව ඇති අතර ඒ පිළිබඳ යෝජනාව අද දිනයේ කැබිනට් මණ්ඩලයට යොමු කරන බවයි.

එවන් පසුබිමක ඇතැම් පෞද්ගලික බස් හිමියන් ඊයේ රාත්‍රියේ සිටම ධාවනයෙන් ඉවත්ව සිටි අතර අද පෙරවරුවේද බස් රථ වර්ජනයක් ක්‍රියාත්මක විය.

ඒ අනුව ඉහළ ගිය බස් ගාස්තු පහතින් දැක්වෙයි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top