රටට සැබෑ නිදහස උදාකර දීම වෙනුවෙන් වහාම වත්මන් ව්‍යවස්ථාව අහෝසි කර නව ව්‍යවස්ථාවක් ගෙන එන ලෙස අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් ජනපති ඇතුළු වත්මන් රජයෙන් ඉල්ලා සිටියි.
උන්වහන්සේ පවසන්නේ යුද්ධයේ මුවාවෙන් රට තුළ බිහි වූ ඒකාධිපති වියරුව රටේ ප්‍රජාතන්ත්‍රවාදයට එල්ල වූ මරු පහරක් බවයි.
විධායකය මඟින් ඒකාධිපති ක්‍රමයට පාර කපා දුන් නීති රාමුව තුළ නායකයින් තමන්ට ලැබුණු අසීමිත බලය අවභාවිත කළ බවත් ඉන් අනතුරුව පත්වූ පාලකයින් විසින් මාධ්‍ය මර්ධනය, මාධ්‍යවේදීන් අතුරුදන් කිරීම්, සුදුවෑන් සංස්කෘතිය හා විරුද්ධවාදීන් සිරගත කිරීම ආදි භීෂණ ක්‍රියා ද 90 දශකයේ සිට නිර්මාණ කළ බවත් කාදිනල් හිමියන් වැඩිදුරටත් අවධාරණය කළේය.