අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතාට එරෙහිව විපක්ෂය ඉදිරිපත් කළ විශ්වාසභංග යෝජනාව පාර්ලිමේන්තුවේදී වැඩි ඡන්දයෙන් පරාජයට පත් විය.
ඒ අනුව විශ්වාසභංග යෝජනාවට පක්ෂව ඡන්ද 36ක් පමණක් ලැබී ඇති අතර ඊට විරුද්ධව ජන්ද 152ක් ලැබී තිබුණි.
මීගමුව බන්ධනාගාරයේ ගැටුම පාදක කරගනිමින් රැඳවියන්ගේ සහ නිලධාරීන්ගේ ආරක්ෂාව පිළිබඳව සිය වගකීම සහ වගවීම ඉටු කිරීමට අපොහොසත් වීම හේතුවෙන් අධිකරණ අමාත්‍යවරයාට එරෙහිව උක්ත විශ්වාසභංග යෝජනාව ඉදිරිපත් කර තිබුණි.






