/ Jun 17, 2025

චාමර සම්පත්ට ඇප!

අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක ඇප මත මුදා හරින ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියම කළේය.

2016 වසරේ ඌව පළාත් සභාවේ ප්‍රධාන අමාත්‍යවරයා වශයෙන් කටයුතු කරමින් එම පළාතේ පෙර පාසල් දරුවන්ට බෑග් ලබාදීම සඳහා රාජ්‍ය බැංකුවක් අනුග්‍රහයක් ඉල්ලා එම බැංකුව විසින් එය ප්‍රතික්ෂේප කිරීමෙන් පසුව අදාළ පළාත් සභාවට අයත් ස්ථාවර තැන්පතු ගිණුම් 06ක් කල්පිරීමට පෙර ඉවත් කිරීම තුළින් අදාළ පළාත් සභාවට රුපියල් ලක්ෂ 173කට අධික පාඩුවක් සිදුකළ බවට ඔහුට එරෙහිව නඩු පවරා තිබුණි.

මෙම නඩුව අද (08) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනූජා ලක්මාලී ඉදිරියේ කැඳවනු ලැබීය.

අල්ලස් කොමිසම සහ විත්තියේ නීතිඥවරු ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ මහෙස්ත්‍රාත්වරරිය සැකකරු රුපියල් 50,000ක මුදල් ඇප සහ රුපියල් මිලියන දෙක බැගින් වූ ශරීර ඇප පහක් මත මුදා හැරීමට නියෝග කළාය.

කෙසේ වෙතත් සැකකරුගේ විදේශ ගමන් තහනම් කිරීමට ද නියෝග මහේස්ත්‍රාත්වරිය නියෝග කෙරුණි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top