/ Apr 20, 2025

විදුලිය බිඳ වැටීමෙන් සිදු වූ පාඩුව ගැන චම්පිකගෙන් හෙළිදරව්වක්

පානදුර විදුලි උප පොළේ සිදු වූ ගැටලුවක් හේතුවෙන් පසුගිය දා දිවයින පුරා විදුලිය බිඳ වැටීමෙන් ලංකා විදුලිබල මණ්ඩලයට සිදු වූ අලාභය රුපියල් කෝටි 830 ක් බව පාඨලී චම්පික රණවක පැවසයි.

ජාතික ජන බලවේග ආණ්ඩුව මෙම පාඩුව පියවා ගැනීමට උත්සාහ කරන්නේ මැයි 6 වැනිදා පුංචි ඡන්දයෙන් පසු විදුලිය ගාස්තු ඉහළ නැංවීමෙන් බව ද ඔහු පෙන්වාදුන්නේය.

හෝමාගම, ගොඩගම පැවති ජනහමුවට එක්වෙමින් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී චම්පික මෙම අදහස් ප්‍රකාශ කළේ ය.

“මේ වඳුරෙක්ගේ ප්‍රශ්නයක් නෙමෙයි මේක. කීයද පාඩුව? කෝටි අටසිය තිහක්. එතකොට කවුද මේවා ගෙවන්න? මතක තියාගන්න මේ පාඩුව ගෙවන්න වෙන්නේ අපිට. මැයි හය වැනිදායින් පස්සේ විදුලි ගාස්තුව වැඩි කරලා තමයි මේ රජය ඒ පාඩුව පියවගන්න යන්නේ” යනුවෙන්ද ඔහු වැඩිදුරටත් පැවසීය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top