චීනයේ Shenzhou-20 අභ්‍යවකාශ යානය සාර්ථකව දියත් කර තිබේ.
ඊයේ (24) එම අභ්‍යවකාශ යානය චීනයේ Jiuquan චන්ද්‍රිකා අභ්‍යවකාශගත කිරීමේ මධ්‍යස්ථානයේ සිට දියත් කර ඇති බවයි වාර්තා වන්නේ.
Chen Dong , Chen Zhongrui සහ Wang Jie යන ගගනගාමීන් තිදෙනෙකු මෙවර අභ්‍යවකාශ මෙහෙයුමට එක් ව සිටී.
චීනය සිය පළමු චන්ද්‍රිකාව අභ්‍යවකාශගත කළේ මීට වසර 55කට පෙරාතුව වන අතර චීනයේ 10 වැනි අභ්‍යවකාශ දිනය යෙදී ඇති දිනයේ ම Shenzhou-20 අභ්‍යවකාශ මෙහෙයුම සිදු කිරීම විශේෂත්වයකි.
මෙවර අභ්‍යවකාශ මෙහෙයුම Shenzhou අභ්‍යවකාශ යානාවන්හි 20වන අභ්‍යවකාශ ගමන ලෙස ඉතිහාසයට එක් වේ.
මේ වන විට කක්ෂගත අභ්‍යවකාශ මධ්‍යස්ථානය සමග සම්බන්ධ වීමෙන් පසු, එහි ගගනගාමීන් තිදෙනෙකු අභ්‍යවකාශ යානයේ කැප්සියුලයෙන් කක්ෂීය මොඩියුලයට ඇතුළු වී ඇති බවයි වාර්තා වන්නේ.
බෙයිජිං වෙලාවෙන් අද (25) අලුයම 1:17ට පමණ කක්ෂගතව මෙහෙයුම් සිදු කරන Shenzhou-19 ගගනගාමී කණ්ඩායම, පිවිසුම් දොර විවෘත කර Shenzhou – 20 ගගනගාමී කණ්ඩායම චීන අභ්‍යවකාශ මධ්‍යස්ථානයට පිළිගෙන තිබේ.
පසුව, ගගනගාමීන් හය දෙනා විවිධ කාර්යයන් සම්පූර්ණ කිරීම සඳහා දින පහක් පමණ අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ රැඳී සිටීමට නියමිත බවයි වාර්තා වන්නේ.
