මෙරට ප්රකට ප්රවීණ ගුවන්විදුලි සන්නිවේදිකාවක් වූ චිත්රා කුමාරි කළුබෝවිල අභාවප්රාප්ත වූ බවට වාර්තා වේ.
1979 වසරේ සහන නිවේදිකාවක් ලෙසින් ගුවන් විදුලියට එක්වූ ඇය පිට පිට තෙවරක්ම හොඳම නිවේදිකාව ලෙස රාජ්ය සම්මාන දිනාගත්තාය.
පසුව ඇය වෙළඳ සේවයේ අධ්යක්ෂිකාව ලෙසින්ද කටයුතු කළාය. දරුවන් දෙදෙනෙකුගේ මවක වන ඇය පසුගිය සමයේ රෝගී වී මුල්ලේරියාව රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්රතිකාර ලබමින් සිටියාය.
අවසන් කටයුතු පසුව දැනුම් දෙනු ඇත.





