/ Jun 26, 2025

ක්ලීන් ශ්‍රී ලංකා බැල්මෙන් සබරගමුවේ බස් නැවතුම්පොළ 04ක් වැඩිදියුණු වෙයි

ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන යටතේ සබරගමු පළාත තුළ ඇති බස් නැවතුම්පොළ 04ක් වැඩිදියුණු කිරීමට යෝජීත වී ඇති බව සබරගමු පළාත් ආණ්ඩුකාර චම්පා ජානකී රාජරත්න පැවසීය.

සබරගමු පළාත් රාජ්‍ය ආයතන ප්‍රධානීන් සහ බස් නැවතුම්පොළ කළමනාකරණය භාර පාර්ශව සමඟ අද (22) පැවති විශේෂ සාකච්ඡාවක් අතරතුර දී ආණ්ඩුකාරතුමිය ඒ බව සඳහන් කළාය.

ප්‍රවාහන, මාහාමර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යංශයේ මග පෙන්වීම මත රත්නපුර, ඇඹිලිපිටිය, වරකාපොළ සහ රඹුක්කන යන නගරවල බස්නැවතුම්පොළ මෙසේ වැඩි දියුණු කර පවත්වාගෙන යාමට අදහස් කරන බවයි ආණ්ඩුකාරවරිය පැවසුවේ.

ඒ අනුව, බස් නැවතුම්පොළ පිරිසිදු කිරීමේ සහ වැඩිදියුණු කිරිමේ වැඩසටහන සඳහා පළාත් මට්ටමින් කමිටුවක් සහ බස් නැවතුම්පොළ 04 සඳහා වැඩිදියුණු කිරීම සඳහා කමිටු පත් කර ඊට අදාළ වාර්තා තමන් වෙත භාර දෙන ලෙසත් ආණ්ඩුකාර චම්පා ජානකි රාජරත්න නිලධාරීන් වෙත එහි දී උපදෙස් ලබා දී තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top