/ Apr 20, 2025

රත්නපුර නව නගර උද්‍යානයේ ඉදිකිරීම් කඩිනමින් අවසන් කරන්න – ආණ්ඩුකාරවරියගෙන් උපදෙස්

රත්නපුර නව නගරයේ ඉදි කරන නගර උද්‍යානයේ ඉදිකිරිම් නිසි ප්‍රමිතින්ට යටත්ව කඩිනමින් අවසන් කරන ලෙස සබරගමු පළාත් ආණ්ඩුකාර චම්පා ජානකී රාජරත්න සඳහන් කළාය.

ඇය මේ බව සඳහන් කළේ අද (25) නව නගර උද්‍යාන ඉදිකිරිම් නිරික්ෂණයට ඵක්වෙමිනි.

රුපියල් මිලියන සියයක් වැය කර ඉදිකෙරෙන එම නව නගර උද්‍යානය ඉහළ ප්‍රමිතීන්ගෙන් යුත් ආපනශාලා හතරක්, සනීපාරක්ෂක පද්ධතියක්, ඵළිමහන් උද්‍යානයක්, ළමා උද්‍යානයක් සහ එළිමහන් කායවර්ධන මධ්‍යස්ථානයකින් සමන්විත වේ.

ශ්‍රී ලංකා යුද හමුදාවේ සම්පූර්ණ ශ්‍රම දායකත්වයෙන් මෙහි ඉදිකිරීම් කටයුතු සිදුකෙරෙන අතර එහි සැලසුම් සහ අධීක්ෂන සේවා, නාගරික සංවර්ධන අධිකාරිය සහ පළාත් ඉංජිනේරු සේවාව මගින් සිදු කරනු ලබයි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top