කොළඹ මහනගර සභාවට සමගි ජනබලවේග නගරාධිපතිවරයෙක් පත් කර ගැනීමට සියලු විපක්ෂ කණ්ඩායම් එක් කරගන්නා බව එම පක්ෂයේ මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර පවසයි.
වත්මන් රජයට කොළඹ නගර සභාවේ මන්ත්‍රී ධුර ඇත්තේ 48ක් බවත් විපක්ෂයට මන්ත්‍රී ධුර 60කට අධික ප්‍රමාණයක් ඇති බවත් මෙම විපක්ෂ පිරිස එක් කරගන්නා බවත් ඔහු කියා සිටී.
කොළඹ පමණක් නොව විපක්ෂයට බලය වැඩි අනෙකුත් පළාත් පාලන ආයතනවල බලය පිහිටුවන බවයි මහලේකම්වරයා පවසන්නේ.
රජය බලයට පත්ව මාස පහක් ගිය තැන ජනතාව ප්‍රතික්ෂේප කර ඇතැයි ද ඔහු කියා සිටියේ ය.
ජනතා බලය සේදී ගොස් ඇති බව කී සජබ මහලේකම්වරයා හැකි නම් පළාත් සභා මැතිවරණය පවත්වා පෙන්වන්නැයි රජයට අභියෝගයක්ද කළේ ය.