තමන් අත්අඩංගුවටගෙන රඳවා ගැනීම අභියෝගයට ලක් කරමින් රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ සුරේෂ් සලේ විසින් ඉදිරිපත් කර ඇති පෙත්සමට මැදිහත් වී කරුණු දැක්වීම සඳහා අවසර ලබා දෙනමෙන් ඉල්ලා ඉදිරිපත් කර ඇති අතරමැදි පෙත්සම් අද (04) අභියාචනාධිකරණය හමුවේ සළකා බැලීම සිදුවිය.
එහිදී අතරමැදි පෙත්සම් ඉදිරිපත් කළ දේශ හිතෛෂී ජාතික ව්‍යාපාරය සහ දේශප්‍රේමී ජනතා ව්‍යාපාරය යන සංවිධාන වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු කරුණු ඉදිරිපත් කර තිබූ අතර ඉන් අනතුරුව අතරමැදි පෙත්සම් පිළිබඳ වැඩිදුර කරුණු සළකා බැලීම මේ මස 06 වන වනදා දක්වා කල් තැබීමට අභියාචනාධිකරණය නියෝග කළේය.






