/ Sep 16, 2025

බූස්සෙන් STF අයින් කරන්නැයි අභියාචනාධිකරණයට පෙත්සමක්!

බූස්ස අධිආරක්ෂිත බන්ධනාගාරයේ ආරක්ෂක කටයුතු සඳහා යොදවා සිටින පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් ඉන් ඉවත් කිරීමට නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා ප්‍රබල පාතාල කල්ලි නායකයෙකු බව කියන ජේ.ඒ. රුවන් කුමාර හෙවත් මිදිගම රුවන් නමැත්තා ගොනු කර ඇති පෙත්සම විභාගයට ගැනීමට අවසර ලබා දෙන්නේද නැද්ද යන නියෝගය නිකුත් කිරීම සැප්තැම්බර් 1 දිනයට නියම විය.

පෙත්සම්කරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා කියා සිටියේ, බූස්ස අධිආරක්ෂිත බන්ධනාගාරයක් බවට පත් කිරීමට බන්ධනාගාර කොමසාරිස්වරයාට නොහැකි බවත් එය නීතිවිරෝධී බවත් ය. එය සිදු කළ හැක්කේ විෂයභාර අමාත්‍යවරයාට බව ඔහු සඳහන් කළේ ය. බන්ධනාගාරයේ අභ්‍යන්තර කටයුතුවලට පොලිස් විශේෂ කාර්ය බලකාය යොදා ගැනීම සම්පූර්ණයෙන් නීතිවිරෝධී බවත් ඔවුන් අතින් රැඳවියන්ට දැඩි හිරිහැර සිදුවන බවත් කියා සිටියේ ය.

මෙහිදී වගඋත්තරකරුවන් වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල්වරයා කියා සිටියේ,  පොලිස් විශේෂ කාර්ය බලකායද පොලිසියේ කොටසක් බැවින් බන්ධනාගාර පණතේ පොලිස් සහය ලබා ගැනීමට හැකියාව ඇති බැවින් පොලිස් විශේෂ කාර්ය බලකාය සම්බන්ධ කරගැනීම නීත්‍යානුකූල බවයි.

පෙත්සම ඉදිරිපත් කර ඇති රැඳවියා භාරයේ තිබී ජංගම දුරකතනයක් සොයාගත් බවත් මෙම ඉල්ලීම නිදහසේ බන්ධනාගාරය තුළ ජංගම දුරකතන පරිහරණය කරමින් අපරාධ මෙහෙයවීම බවත් අතිරේක සොලිසිටර් ජනරාවල්වරයා වැඩිදුරටත් කීය. මෙම ඉල්ලීම මුල් අවස්ථාවේදීම ප්‍රතික්ෂේප කරන ලෙස ඔහු ඉල්ලා සිටියේ ය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top