නීතිවිරෝධීව මෙරටට ආනයනය කරන ලද යතුරුපැදි සඟවා තිබූ හම්බන්තොට, නාගරවැව කුරුලු උයනේ හිමිකරුව එළඹෙන 25 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.
සැකකරුව අද (17) උදෑසන නාරාහේන්පිට ප්‍රදේශයේදී විශේෂ පොලිස් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගෙන තිබුණි.
අනතුරුව ඔහු අද පෙරවරුවේ හම්බන්තොට මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි මෙලෙස රක්ෂිත බන්ධනාගාරගත කර ඇත්තේ.
නීතිවිරෝධීව මෙරටට ආනයනය කරන ලද යතුරුපැදි 21ක් පසුගියදා අදාළ කුරුළු උයනේ ගබඩාවක තිබී මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය විසින් සොයාගනු ලැබීය.
පොලීසිය පැවසුවේ මෙම එක් යතුරුපැදියක වටිනාකම රුපියල් කෝටි එකහමාරකට වඩා වැඩි බවය.
සිද්ධිය සම්බන්ධයෙන් එම උද්‍යානයේ කළමනාකරු හා ගබඩා පාලකයා ද පොලිස් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කරනු ලැබීය.