/ Jun 25, 2025

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදීන් දෙදෙනෙකුගේ ෆේස්බුක් ප්‍රකාශවලට එරෙහිව අධිකරණ නියෝගයක්

ආන්දෝලනාත්මක ක්‍රිෂ් කුළුණ ව්‍යාපෘතියට අදාළව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂට එරෙහිව අධිචෝදනා ගොනු කිරීම පිළිබඳ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදීන් දෙදෙනෙකු වන පෝද්දල ජයන්ත සහ සනත් බාලසූරිය විසින් කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න වෙත තබා ඇති ෆේස්බුක් සටහන සම්බන්ධයෙන් වාර්තාවක් කැඳවීමට කොළඹ මහාධිකරණය නියෝගයක් නිකුත් කර තිබේ.

කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න විසින් අදාළ නියෝගය නිකුත් කළේ අධිකරණ රෙජිස්ටාර්වරයා මේ බව ලිඛිතව දැනුම් දීමෙන් අනතුරුවයි.

එම ප්‍රකාශ අධිකරණයට අපහාස කිරීමක් ලෙස සලකන බවත් ඒ සම්බන්ධයෙන් සුදුසු නියෝගයක් නිකුත් කරන ලෙසත් අධිකරණ රෙජිස්ට්‍රාර්වරයා විනිසුරුවරයාට දන්වා තිබුණි.

එම ඉල්ලීමට ප්‍රතිචාර දැක්වූ කොළඹ මහාධිකරණ විනිසුරුවරයා එම ෆේස්බුක් ප්‍රකාශ ඇතුළත් වාර්තාවක් ඉදිරිපත් කරන ලෙසත් ඉන් අනතුරුව සුදුසු නියෝගයක් නිකුත් කරන ලෙසත් නියෝග කළා.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top