වෙඩිතබා පුද්ගලයෙකුට තුවාල සිදු කිරීමේ අපරාධයකට අවශ්‍යකර සිටි සැකකරුවෙකු හෙරොයින් සමග ඊයේ (31) අත්අඩංගුවට ගෙන තිබේ.
පොලිස් විශේෂ කාර්ය බළකා මොරටුව කඳවුරේ නිලධාරීන් විසින් සිදුකළ වැටලීමකදී එම අත්අඩංගුවට ගැනීම සිදුඅක්ර ඇති අතර ලද තොරතුරක් මත දමන පොලිස් වසමේ හිගුරාන ප්‍රදේශයේදී වැටලීමක් සිදුකර මෙම පුද්ගලයාව අත්අඩංගුවට ගෙන ඇත.
අදාළ සැකකරු පසුගිය ජුලි 11වනදා හිරණ ප්‍රදේශයේ දී පුද්ගලයෙකුට වෙඩිතබා තුවාල සිදු කිරීම හා පානදුර පොලිස් වසමේ පුද්ගලයෙකුට වෙඩි තබා ඝාතනය කිරීමට සැලසුම් කිරීම සම්බන්ධයෙන් අවශ්‍යකර සිටි අයෙක් බව පොලීසිය පවසයි.
සැකකරු අත්අඩංගුවට ගන්නා විට ඔහු සන්තකයේ තිබී හෙරොයින් ග්‍රෑම් 13ක් තිබි සොයාගෙන ඇති බවත් සැකකරු සම්බන්ධයෙන් දමන හා හිරණ පොලිස් ස්ථාන සහ පානදුර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.
මේ අතර කළුතර ප්‍රදේශයේ සංවිධානාත්මක අපරාධ කල්ලියකට සම්බන්ධ සැකකරුවන් පස්දෙනෙකු තියුණු ආයුධත් සමගින් අත්අඩංගුවට ගැනීමට හැකිව තිබේ.
පොලිස් විශේෂ කාර්ය බලකාය හා කළුතර අපරාධ කොට්ඨාශය මගින් ක්‍රියාත්මක කළ මෙහෙයුමකින් එම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇති අතර
එම කණ්ඩායම මෝටර් රථවලින් ගොස් පුද්ගලයින්ට පහරදීම් සිදුකරන බවත් දේපළ කොල්ලකන බවටත් පොලීසියට පැමිණිලි ලැබී තිබේ.
සංවිධානාත්මක අපරාධ මෙන්ම මත් ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ පුද්ගලයින් ගැන ඕනෑම තොරතුරක් 1818 ක්ෂණික ඇමතුම් අංකයට දැනුම්දීමේ හැකියාව මේ වන විට පවතියි.





