අද (14) සිට දෛනික විදුලි කප්පාදුවක් සිදු නොවන බව බලශක්ති අමාත්‍යංශය දැනුම් දෙයි.
මේ වන විට පසුගිය දින කිහිපයේ අක්‍රීයව තිබූ නොරොච්චෝලේ බලාගාරයේ තත්ත්වය ක්‍රියාකාරී මට්ටමට ළඟා වී ඇති අතර එම බලාගාරයේ විදුලි ජනන යන්ත්‍ර තුනෙන් එකක් මේ වනවිට ජාතික විදුලිබල පද්ධතියට යළි එක්කිරීමට හැකිවී තිබේ.
ඉන් ජාතික පද්ධතියට ලැබෙන විදුලි ප්‍රමාණය මෙගාවොට් 300කි.