/ Mar 22, 2025

විදුලි බිල අඩු වීමේ වාසිය ජනතාවට කෝ? චෝදනාව රජයට!

පැවැති විදුලි බිලට සාපේක්ෂව පසුගිය දා 20%-30% අතර ප්‍රමාණයකින් විදුලි බිල අඩු කෙරුණද ඊට සාපේක්ෂව පාරිභෝගික භාණ්ඩවල මිල දසමයකින් හෝ අඩු වී නැතැයි ජනතාව චෝදනා කරති.

මෙම ප්‍රමාණය සැලකිය යුතු අඩු වීමක් බව පෙන්වා දෙන ඔවුහු කියා සිටින්නේ මේ සම්බන්ධ‍යෙන රජය මැදිහත් විය යුතු බවයි.

කර්මාන්තශාලාවල විදුලි බිල 30%කින් අඩු කෙරුණු අතර මේ නිසා සැලකිය යුතු ප්‍රමාණයකින් භාණ්ඩ මිල අඩු කළ හැකි වුවත් රජය මැදිහත් නොවීම නිසා පිරිසක් අයුතු ලාභයක් ලබන බව ජනතාව පෙන්වා දෙති.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top