11:04:32 PM / Jul 22, 2025
11:04:32 PM / Jul 22, 2025

තැපැල් ඡන්ද අයදුම්පත් භාර ගැනීමේ කාල සීමාව දීර්ඝ කෙරේ

අද (12) මධ්‍යම රාත්‍රියෙන් අවසන් වීමට නියමිතව තිබූ පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළ තැපැල් ඡන්ද අයදුම්පත්‍ර භාර ගැනීමේ දිනය දීර්ඝ කර තිබේ.

තැපෑලේ දී සිදුවිය හැකි ප්‍රමාදවීම් සහ කොමිෂන් සභාව වෙත කරනු ලැබූ ඉල්ලීම් සැලකිල්ලට ගෙන තැපැල් ඡන්ද අයදුම්පත්‍ර භාර ගැනීමේ දිනය මාර්තු 17 වැනිදා මධ්‍යම රාත්‍රී 12 දක්වා දීර්ඝ කිරීමට මැතිවරණ කොමිෂන් සභාව තීරණය කර ඇත.

ඒ අනුව 17 වැනි දින මධ්‍යම රාත්‍රී 12.00ට පෙර එම අයදුම්පත්‍ර අදාළ දිස්ත්‍රික් මැතිවරණ කාර්යාල වෙත ලැබිය යුතු බවත් එම කොමිෂන් සභාව පවසයි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *