/ Mar 25, 2025

රෝගීන් ඇපයට තබා ගත්තොත් අපි ජනතාවගේ පැත්තේ: ඇමැති නලින්ද

තම රජය පෙර රජයන් මෙන් නොව ඕනෑ ම දෙයක් සාකච්ඡා කළ හැකි වුව ද රෝගීන් ඇපයට තබාගෙන ඔවුන් දුෂ්කරතාවට පත් කරන ලෙස කටයුතු කරන්නේ නම් ජනතාවගේ පැත්තේ සිට තීන්දු තීරණ ගැනීමට නොපැකිළෙන බව සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස පවසයි.

රජය හැටියට ආණ්ඩුව වියදම් කරන්නේ ජනතා බදු මුදල් සෑම රුපියලකට ම වටිනාකමක් එක් කිරීමට බව කී ඇමැතිවරයා පසුගිය මාස තුනහමාරේදී දේශපාලකයන් වෙනුවෙන් වැය කෙරුණු මුදල් සැලකිය යුතු මට්ටමකට අඩු කළ බව ද අවධාරණය කළේ ය.

ඇමැතිවරයා මේ බව කියා සිටියේ ලෝක වකුගඩු දිනය නිමිත්තෙන් ලංකා වකුගඩු රෝගීන්ගේ සංගමය විසින් කොළඹ නව නගර ශාලාවේ සංවිධානය කර තිබූ සැමරුම් උළෙලට සහභාගි වෙමිනි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top