වෙනිසියුලාවේ සිදුවූ භූමිකම්පනයෙන් මියගිය පුද්ගලයින් ගණන 164 දක්වා ඉහළ ගොස් තිබෙන බව එරට වැඩබලන ජනාධිපති ඩෙල්සි රොඩ්‍රිගස් නිවේදනය කර තිබේ.
මේ සම්බන්ධයෙන් විදෙස් මාධ්‍ය පෙන්වා දෙන පරිදි තවත් පුද්ගලයින් 971 දෙනෙකුට තුවාල සිදුව ඇත.
කෙසේවෙතත් භූ කම්පන ද්විත්වයේ ප්‍රබලත්වය මත එක්සත් ජනපද භූ විද්‍යා සමීක්ෂණ ආයතනය පවසන්නේ දහස් ගණනක් මිනිසුන් භුකම්පනයෙන් මිය ගොස් ඇති බවට සැක පළකරන බවයි.
වැඩබලන ජනාධිපතිවයා පවසන පරිදි වඩාත්ම බලපෑමට ලක්ව ඇත්තේ කැරකස්වලට උතුරින් පිහිටි ලා ගුයිරා ප්‍රදේශයයි.
පළමු කම්පනය රික්ටර් පරිමාණයේ 7.2 ක ප්‍රබලත්වයෙන් සැන් ෆෙලිප් (San Felipe) අසල මොරොන් (Moron) ප්‍රදේශයෙන් වාර්තා වී තිබූ අතර ඉන් තත්පර 39ක් ගතවීමටත් පෙර යුමාරේ (Yumare) ප්‍රදේශය කේන්ද්‍ර කර ගනිමින් රික්ටර් පරිමාණයේ 7.5 ක ප්‍රබලත්වයෙන් යුත් දෙවන කම්පනය සිදුව තිබුණි.
මෙම භූකම්පන දෙක ඇති වීමෙන් පසුව වෙනිසියුලාවට සහ ඒ ආසන්න කැරිබියන් දුපත් සඳහා සුනාමි අනතුරු ඇඟවීම් ද නිකුත් කළ බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණි.
රික්ටර් මාපකයේ 7.2 සහ 7.5 ක භූමිකම්පා මිනිත්තුවක් පරතරයකින් ඇති වූ අතර දෙවැන්න 1900 සිට වෙනිසියුලාවට බලපෑ ප්‍රබලතම අවස්ථාව මෙය ලෙස දැක්වෙයි.
රටක ලෙස මේ මොහොතවන විට වෙනිසියුලාව පසුවෙන ආතිකමය පසුබෑම් හමුවේ මෙම භූකම්පනයෙන් යළි ප්‍රකෘතිමත් වීම වෙනුවෙන් ඔවුන්ට මහත් වෙහෙඅක් දැරීමට සිදුවනු ඇති අතර මෙය වෙනිසියුලානු වැඩබලය ජනාධිපතිවායාගේ සහ ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ව පරික්ෂා කරන සිදුවීමක් බව දේශපාලන විශ්ලේෂකයින් පෙන්වා දී තිබේ.






