/ Dec 06, 2025

දෙහි බාලේගේ කෝටි 25 වත්කම් ක්‍රියාවිරහිත කරයි!

මත්ද්‍රව්‍ය ජාවරම ලෙස සැලකෙන පටබැදි මද්දුමාගේ ශෙහාන් තත්සර හෙවත් දෙහි බාලේ නැමැත්තාගේ රු. කෝටි 25කට වැඩි වත්කම් ක්‍රියාවිරහිත කිරීමට නීතී විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය කටයුතු කොට තිබේ.

දික්වැල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය අසල ඇති කෝටි 5 ක් පමණ වටිනා නිවස සහ ඉඩමද ඔහුට අයත් කෝටි 20 කට වැඩි වටිනාකමකින් යුත් ධීවර ටෝලර් යාත්‍රා 5 ක් ( මෙලීනා 01 / මෙලීනා 02 / මෙලීනා 03 / මෙලීනා 04 / මෙලීනා 05 ) අද එලෙස ක්‍රියාවිරහිත කිරීමට කටයුතු කර ඇත.

2006 අංක 05 මුදල් විශුද්ධිකරණය පනත අනුව එම වත්කම් ක්‍රියාවිරහිත කර ඇති අතර මෙම දේපල දෙහි බාලේගේ සහෝදරයෙකුගේ බිරිද, බිරිදගේ මව, බිරිදගේ සහෝදරියගේ ස්වාමි පුරුෂයා නමට මිලට ගෙන තිබී ඇත.

එම වත්කම් සම්බන්ධයෙන් තවදුරටත් නීතී විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසයේ අධ්‍යක්ෂකවරයා, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා ඇතුළු නිලධාරීන්ගේ උපදෙස් මත විමර්ශන සිදුවෙයි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top